කාව්‍ය සංග්‍රහ
කාව්‍ය නිර්මාණය තුළින් සාහිත්‍ය ලොවට ප්‍රවිශ්ට වූ සරත් මුණසිංහ ආරච්චි සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය 1989 දී ප්‍රකාශනය කළේය. මේ වන විට කාව්‍ය සංග්‍රහ හතක් සාහිත්‍ය කලාවට දායාද කර සිටින ඔහු සිය නවතම කාව්‍ය සංග්‍රහය වන “නිරෝගී කුසුම්” 2014 වර්ෂයේදී ප්‍රකාශනය කළේය.
කෙටි කතා
කෙටි කතා රචනයට 1998 වර්ෂයේදී ප්‍රවිෂ්ට වූ සරත් මුණසිංහ ආරච්චි මේ වන විට කෙටි කතා පොත් පහක් ප්‍රකාශනය කර තිබෙන අතර ඔහු සියුම් මානුෂික හැඟීම් සහ සමාජ අසමානතා පිළිබඳව රචනයට ප්‍රියතාවක් දක්වයි.
නව කතා
2010 වසරේදී “රොබරෝසියා ගසක් පාමුලදී” තුළින් නවකතා නිර්මාණයට එළඹුණු සරත් මුණසිංහ ආරච්චි මෙම නිර්මාණය තුළින් සමාජ අසමානතාව, දුගීකම, ජාතිවාදය, මානසිකඅබාද වැනි සියුම් මාතෘකා රාශියක් පිළිබඳව වෙනත් ඇසකින් බැලීමට පාඨකයා හට අබියෝග කරයි.
